• ගොවිපළ ව්‍යාපාරික පාසල


    මෙම පාඨමාලාව සැලසුම් කර තිබෙන්නේ ඔබේ ගමේ පවත්වන, ගොවිපළ ව්‍යාපාරික පාසල් වැඩසටහනට සම්බන්ධ වන ගොවීන් වන ඔබ සඳහාමයි. ඔබ සතු කෘෂි ව්‍යාපාරික කුසලතා වර්ධනය කර ඔබේ ගොවිපළේ ලාභාංශ වැඩි දියුණු කිරීම අපේ අරමුණයි. ගොවීන්ගේ බෝග හෝ සත්ත්ව නිෂ්පාදන වැඩ පිළිවෙළවල් පුරා සාකච්ඡා විය යුතු පහත දැක්වෙන විෂය කරුණු මෙයට ඇතුළත් කර තිබේ.

    1. ගොව්‍යා පාසල කියන්නේ කුමකට දැයි අවබෝධ කර ගැනීම හා පවත්වාගෙන යන ආකාරය තීරණය කිරීම.
    2. ව්‍යාපාරයක් ලෙස කෘෂි නිෂ්පාදන සිදු කිරීම අවශ්‍ය වන්නේ ඇයි දැයි යන්නටත් ගොවීන්ගේ නිපැයුම් අලෙවිකරණයට අදාළ වන මූලික සංකල්ප අවබෝධ කර ගැනීම.
    3. ඔබ සතු සම්පත් සහ දැනට පවතින තත්ත්වය හඳුනා ගැනීම.
    4. ඔබට සුදුසු වඩාත් ලාභදායී බෝග / නිෂ්පාදන හඳුනා ගැනීම.
    5. හඳුනාගත් බෝග / නිෂ්පාදන වලට ගැළපෙන පරිදි ගොවිපළ ව්‍යාපාරික සැලසුම් පිළියෙල කිරීම.
    6. ගොවිපළ සටහන් සහ වාර්තා පවත්වා ගැනීම.
    7. ඔබ ක්‍රියාත්මක කරන ගොවිපළ ව්‍යාපාරික සැලැස්ම කොතෙක් දුරට සාර්ථක වුණා දැයි ඇගයීම.
    8. සංවර්ධනය සඳහා ඔබට දැන ගැනීමට අවශ්‍ය සහ ප්‍රයෝජනවත් වන වෙනත් විෂය කරුණු සාකච්ඡා කිරීම.


    ඉහත සඳහන් කරුණු හා බැඳෙන මාතෘකා රැසක් අතරින් ඔබට අවශ්‍ය, ඔබ කැමති දේ තෝරාගෙන ඉගෙනීමට මෙහිදී හැකි වේවි. පාඨමාලාවේදී සාකච්ඡා කරන ප්‍රධාන කරුණු වල සාරාංශයක් සහ ඒ ආශ්‍රිත අභ්‍යාස මෙහි අඩංගු වී තිබෙනවා. අනාගතයේදී ඔබේ ගොවිපළ දැනට වඩා ලාභ උපදනා ආකාරයෙන් පවත්වා ගැනීමට හැකි වන අයුරින් සැලසුම් සකස් කර ගැනීමටත් වාර්තා පවත්වා ගැනීමටත් හැකි වන ආකාරයට මෙයට ඇතුළත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සකස් කර ඇත. එබැවින් ගොව්‍යා පාසලට සහභාගී වන්නට ලැබීම ඔබ ලද භාග්‍යයක් බව සලකන්න.


    ව්‍යාපාරයක් ලෙස ගොවිතැන් කිරීම ගොවි නිෂ්පාදක සංවිදානයන්හි සාමාජිකයන්ගේ පරිවර්තන ක්‍රියාවලිය සහ හැකියා වර්ධන පුහුණු සැලැස්ම